සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපිත කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන අක්‍රීයව තිබියදී නීති විරෝධී ලෙස අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් කෝටි 3923ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

එම යන්ත්‍ර ක්‍රියාත්මක නොකෙරෙන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දීමනා නොගෙවීමට වගබලා ගත යුතු බවට භාණ්ඩාගාර ලේකම්වරයා පැහදිලිව උපදෙස් ලබා දී තිබියදී එයට පටහැනි ලෙස 2023 වර්ෂයේදී අතිකාල හා නිවාඩු දින වැටුප් මෙසේ ගෙවා තිබූ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙසේ අතිකාල සහ නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබුණු මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72ක් පමණක් බව එම වාර්තාවල සඳහන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ තිරසාර සංවර්ධන දර්ශක තිස් එකෙන් දර්ශක තිස් තුනක් සඳහා 2023වර්ෂයට අදාළ ප්‍රගතිය වාර්තා කර නොමැති අතරවිගණන අංශ ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක දොළහකට අදාළ දර්ශකවල අවශ්‍ය කාර්ය සාධන මට්ටම ළඟා කරගෙන නොතිබූ බවද විගණන වාර්තාව ප්‍රකාශ්ස් කර තිබෙනවා.

මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...