ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය කාලයේදී සිදුවී ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ හිටපු විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුවය.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ 2010- 2025 කාල සීමාව තුළ සිදුවී ඇතැයි සැලකෙන වංචා දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් මෙම කමිටුව මඟින් ඉදිරිපත් කිරීමට නියමිතය.

වැලිඅමුණ වාර්තාව මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියලු දේ ආවරණය නොවන බැවින් වැඩිදුර තොරතුරු සඳහා මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව පත්කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ගුවන් යානා මිලදී ගැනීම, බඳවා ගැනීම් සහ වෙනත් මිලදී ගැනීම සම්බන්ධයෙන් සියල්ල මෙහිදී විමසා බැලීමට නියමිතය.

මීට අමතරව ආයතනය පාඩුවීම සහ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මගින් සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදී සිදුව ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම කමිටුව පත් කර තිබෙනවා.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වය සැපයුවද එය පවත්වා ගෙන යාමට රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරාගැනීමට අපහසු වී තිබෙනවා.

මහජන අභිලාෂය වන්නේ මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය ආයතනයක් බවට පත් කර නවීන තාක්ෂණ භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙනන යාමයි.

ඒ සඳහා සේමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත්වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාල පරිච්ඡේදය තුළ සිදුවී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳව විධිමත් අධ්‍යනයක් හා එක වීමක් අත්‍යවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් වුණේ.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!