ඇමරිකානු ගායක ෂෝන් ඩිඩී කෝම්බ්ස්ට වසර 20ක සිර දඬුවමක් නියම වන ලකුණු

ඇමරිකානු ගායකයෙකු වන ෂෝන් ‘ඩිඩී’ කෝම්බ්ස්ට එරෙහිව ගණිකා වෘත්තියට සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් සිදු කෙරුණු නඩු විභාගය ජ්‍යාත්‍යන්තරයේ දැඩි ලෙස අවධානයට ලක් වූවකි.

ඔහුට එරෙහි චෝදනා විභාගයට ගත් නිව්යොර්ක් ෆෙඩරල් අධිකරණය චෝදනා දෙකක් හැර සෙසු බරපතල චෝදනාවලින් ඔහු නිදහස් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අධිකරණය තීන්දු කර ඇත්තේ ඔහුට එරෙහි ජාවාරම් සහ ලිංගික ජාවාරම් පිළිබඳ චෝදනාවලට ඔහු වරදකරු නොවන බවයි.

එහෙත් ගණිකා වෘත්තියේ යෙදවීම සහ ප්‍රවාහනය යන වැරදි දෙකට ඔහු වරදකරු බව අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම එක වරදකට වසර 10 බැගින් වූ සිරදඬුවමකට කෝම්බ්ස් යටත් වන අතර උපරිම වසර 20ක සිර දඬුවමක් ඔහුට නියම වනු ඇතැයි සඳහන් වෙනවා.

ඔහුට දඬුවම් නියම වන තෙක් වහාම නිදහස් කරන ලෙස නීතිඥයන් ඉල්ලා සිටියද ඔහුට ඇප හිමි වී නොමැති බව ද සඳහන්ය.

2024 සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් දා සිට කෝම්බ්ස් රඳවා සිටියේ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් බන්ධනාගාරයේය. ජාවරම් සහ ලිංගික ජාවාරම් පිළිබඳ බරපතල චෝදනා ඔප්පු වූයේ නම් ඔහුගේ සිර දඬුවම ජීවිතාන්තය තෙක් වීමටද ඉඩ තිබූ බව වාර්තා පවසනවා.

Latest News

More like this

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...