බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස 6ක සිර දඬුවමක්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට බංගලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව බදාදා මාස හයක සිර දඬුවමක් නියම කළ බව ඩකා ට්‍රිබියුන් පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඇයට මෙම දඬුවම නියම කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙනි.

මෙම දඬුවම ඇය අත්අඩංගුවට ගත් හෝ යටත් වූ දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නියම කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව යනු, බංග්ලාදේශය විසින් ස්ථාපිත කරන ලද දේශීය අධිකරණයකි.

බංග්ලාදේශ නිදහස් අරගලයේ දී සිදු වූ ජනසංහාරය සහ යුද අපරාධ ආදියට සම්බන්ධ පිරිස් ඉලක්ක කරමින් නඩු පැවරීම එහි අභිලාෂය වන්නේය.

බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව, සිසු අරගලය මර්දනය කිරීම සදහා අගමැතිනිය බලය අනිසි ලෙස යෙදවීම සම්බන්ධයෙන් නඩු විභාගයක් අරඹා තිබුණු අතර, එම නඩු විභාගය සදහා පෙනීසිටීමට අධිකරණය හමුවට එන ලෙසට ඇයට නියෝග කර තිබුණා.

කෙසේ වෙතත්, රටින් පලා ගොස් සිටින අගමැතිනිය ඊට සහභාගී වි තිබුණේ නැහැ.

අධිකරණය මග හැර සිටීමෙන් ෂෙයික් හසීනා අධිකරණයට අපහාසයක් කළ බව නියම කරමින් මෙම මාස හයක සිරදඩුවම බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් ශීක් හසීනාට එරෙහිව පනවනු ලැබුවේ ඒ සමඟය.

පසුගිය මාසයේ දී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් නැගිටීම මාරාන්තික ලෙස මර්දනය කිරීමේ දී ඇයගේ භූමිකාව සම්බන්ධයෙන් හසීනා සහ තවත් දෙදෙනෙකුට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.විරෝධතාවයට රජය ගත් මර්දනයේ දී ඇති වූ ගැටුම්වලින් 1,500 කට අධික පිරිසක් මිය ගොස් අවම වශයෙන් 25,000 ක් තුවාල ලැබූ බවයි වාර්තා වුණේ.

මාස 11 කට පෙර ධුරයෙන් ඉවත් වී රටින් පලා ගිය පසු, නෙරපා හරින ලද අවාමි ලීග් නායිකාවට එරෙහි නඩුවකදී දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය බවද සඳහන් වෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!