පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90ක් වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදී මඟ හරී.. බහුතරය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ය..

වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම සඳහා ලබා දී තිබූ කාලය පසුගිය ජුනි 30 වැනිදායින් අවසන් වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් 175දෙනාගෙන් 90 දෙනෙකුම වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඉන් බහුතරයක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බවයි සඳහන් වන්නේ.

ජුනි 30වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී තිබූ මන්ත්‍රී ලයිස්තුව පාර්ලිමේන්තු ප්‍රධානින් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පෙරේදා (02) භාර දෙනු ලැබුවා.

මේ අනුව එම කොමිෂන් සභාව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීත්‍යානුකුලව පියවර ගැනීමට නියමිතය.

නව කොමිෂන් සභා පනත අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හරින මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් අය කිරීමටද කොමිෂන් සභාවට බලය තිබෙනවා.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම සෑම වර්ෂයකම මාර්තු 31වැනිදාට පෙර පැවතුණු සියලුම වත්කම් පිළිබඳ විස්තර කතානායකවරයාට භාර දිය යුතුය.

මේ අතර පසුගිය පාපාර්ලිමේන්තුවේ කටයුතු කළ හිටපු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රී කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරයක් ද වත්කම් බැරකම් ප්‍රකාශ අදාළ ප්‍රධානීන්ට භාරදි නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා තිබෙනවා.

දූෂණ විරෝධී පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 දෙනෙකු සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාර දිය යුතු වන අතර පනහක් වන ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ භාර දිය යුත්තේ ජනාධිපති ලේකම්වරයාටය.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...