ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම අවහිර කිරීම නිසා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුවකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන රුක්ෂාන් උදය ප්‍රියනාත් නැමති තරුණයා ඔහුගේ පැමිණිල්ලෙන් අවධාරණය කර ඇත්තේ පොලිස් මාධ්ය කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා සහ ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් ගිණුම මෙහෙයවන නිලධාරීන් සිය අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් වගකිඅ යුතු බවයි.

මේ අනුව ඔහු ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුව තුළින් ඔහුගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීම ඉවත් කරන ලෙස නිදර්ශන ලබා දෙන ලේසයි.

ශ්‍රී ලංකාවේ රාජ්ය ආයතන විසින් ඩිජිටල් අවකාශය හරහා සේවාවන් හා ක්‍රියාකාරීත්වයන් සැපයීමේ දී සමාජ මාද්‍ය පරිශීලකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද එම තරුණයා මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබෙනවා.

මෙම තරුණයා ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා අදාළ පැමිණිල්ල පිළිබඳ සටහනක් යොදමින් තමාට ව්‍යාජ ගිණුමක් ඔස්සේ එහි තොරතුරු දැනගැනීමට සරලව හැකියාව තිබුණද මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ශක්තිමත් ඩිජිටල් අවකාශයක ආරම්භයක් වෙනුවෙන්ද මෙම පියවර ගත් බවයි සඳහන් කරන්නේ.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...