ඩිජිටල් සේවාවන් සඳහා 18%ක බද්දක්…. ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ මාර්ගෝපදේශයන් නිවේදනය කර ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟිනි.

2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්‍රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා VAT බදු අය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු වෙනවා. එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රු. මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්ය වනු
ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව පහත දැක්වෙන සියලුම ඩිජිටල් සේවාවන් සැපයීම, 2025 ඔක්තෝබර් 01 දින සිට 18% ක වැට් බදු අනුපාතිකයකට යටත්ය.

E-commerce Services
Cloud Computing
Software as a service (SaaS)
Cybersecurity Services
Digital Marketing & Advertising
IT support & Managed Services
Streaming Services
Fin Tech
Subscription & Membership Website
E-commerce Platforms
Social Media Platforms
On Demand Service Platforms
Content Sharing Platforms
Cloud Collaboration Platforms
Market Place Platforms
Gaming Platforms
Blockchain & NFT Platforms
Apps for hotel bookings and ticket reservations

Latest News

More like this

සංචාරක ක්ෂේත්‍රයේ ආදායම සියයට 12කින් ඉහළට

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම ජුනි මාසයේදී ඩොලර් මිලියන...

AliExpress සහ පාර්සල් ආනයනය නැවැත්වීම ගැන චතුරංගගෙන් පැහැදිලි කිරීමක්

AliExpress සහ අනෙකුත් මාර්ගගත පාර්සල් ආනයන සඳහා රජය නව...

ස්ටාර්ලින්ක් දැන් ලංකාවේ.. මස්ක්ගෙන් පණිවිඩයක්

කෝටිපති ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක්ගේ චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවාව...

සියෙරා කේබල්ස් පීඑල්සී නව සභාපති ධුරය ඉෂාර නානායක්කාරට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන LOLC සමූහයේ උප සභාපති...
error: Content is protected !!