පුටින් අමනාප වූ ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනී

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සේවයෙන් පහ කිරීමෙන් පැය කිහිපයකට පසු හිටපු රුසියානු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් (Roman Starovoit) සියදිවි නසාගෙන මිය ගිය බව රුසියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා.

සඳුදා උදෑසන පුටින් විසින් ස්ටාරොවොයිට් සේවයෙන් පහ කරනු ලැබූ බවයි වාර්තා පවසන්නේ. ඔහු සේවයෙන් පහ කරන බවට වන නිවේදනය ක්‍රෙම්ලිනයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද අතර ඔහුගේ නියෝජ්‍ය ඇන්ඩ්‍රි නිකිටින් වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කළ බව සඳහන් වුණා.

ස්ටාරොවොයිට් සේවයෙන් පහ කිරීමට නිශ්චිත හේතුවක් ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර තිබුණේ නැහැ.

රුසියාවේ විමර්ශන කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මොස්කව්හි තදාසන්න ප්‍රදේශයක් වන ඔඩින්ට්සෝවෝ හි මෝටර් රථයක් තුළ ස්ටාරොවොයිට්ගේ සිරුර සොයා ගත් බවයි. ඔහු මිය ගොස් ඇත්තේ වෙඩි තබාගැනීමකින් බව බලධාරීන් ප්‍රකාශ කර ඇතත් මරණය පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු වෙමින් පවතී. කෙසේ වෙතත් මරණය සිය දිවි හානි කරගැනීමක් වීමේ වැඩි ඉඩක් පවතින බවයි සඳහන් වන්නේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ තවත් නිලධාරියකු සේවා ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් එය හෘදයාබාධයක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවත් මාධ්‍ය වාර්තා පවසනවා.

2024 මැයි මාසයේදී ඔහු අමාත්‍යවරයෙකු වීමට පෙර ස්ටාරොවොයිට් දකුණු රුසියානු කර්ස්ක් කලාපයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර තිබුණා. යුක්‍රේනයේ අනපේක්ෂිත ආක්‍රමණයට පෙර ඔහු එම තනතුරෙන් ඉවත් වූ අතර රුසියානු කලාපයේ ආරක්ෂක අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් අර්ධ වශයෙන් දොස් පැවරුණේ ද ඔහුටය.

සඳුදා රුසියානු මාධ්‍ය වාර්තා කළේ කලාපයේ බලකොටු ඉදිකිරීම සඳහා වෙන් කරන ලද රාජ්‍ය අරමුදල් වංචා කිරීම පිළිබඳ පරීක්ෂණයකට ස්ටාරොවොයිට් සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් විමර්ශනයකට මුහුණ දී සිටින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනු ලැබූවකි.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...