ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ගීතයක් එළි දක්වා තිබෙනවා.

මෙම ගීතය අද පෙරවරුවේ යූ ටියුබ් අවකාශයට මුදා හැර ඇති අතර ගීතය නම් කර ඇත්තේ “කාගේද මූනිස්සම්” යන නමිනි.

පසුගිය දා යැංකි- සියෝන් ප්‍රහාරවලින් අසරණ වූ ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් මෙම ගීතය ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ද ප්‍රකාශ කර තිබෙනවා.

ගීතයේ පද රචනාව මෙන්ම ගායනය ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙනි.

Latest News

error: Content is protected !!