ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තුන්වැනි වරටත් ධවල මන්දිර සංචාරයකට එක්ව සිටිනවා.

ඔහු මෙවර ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටියේ ඇමරිකානු ජනාධිපතිවරයා වෙත අපූරු ත්‍යාගයක් අතැතිවය.

ට්‍රම්ප් වෙනුවෙන් ලබා දිය හැකි ඉහළම සත්කාරයක් ලෙස නෙතන්යාහු කල්පනා කරන මෙම ත්‍යාගය නොබෙල් සාම ත්‍යාගය සඳහා ඔහුව නම් කරනු ලැබූ ලිපියයි.

ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය ඇතුළුව ලොව පුරා ගැටුම් අවසන් කිරීමට ඔහු දැරූ උත්සාහයන් වෙනුවෙන් එම සම්මානයට ඔහු සුදුසු බවට අගමැති නෙතන්යාහු නොබෙල් කමිටුවට ට්‍රම්ප්ගේ නම යෝජනා කර යැවූ ලිපිය එසේ පිළිගැන්වීමෙන් පසු ට්‍රම්ප් ‘වාව්’ බොහොම ස්තූතියි, විශේෂයෙන් ඔබේ පැමිණීමට ‘බිබී’ යයි කියමින් ට්‍රම්ප් සතුට පළ කර සිටි බවයි පැවසෙන්නේ. ‘බිබී යනු නෙතන්යාහු හැඳින්වීමට භාවිත කරන කෙටි නාමයක් වන අතර ට්‍රම්ප් ඔහුට බොහෝ අවස්ථාවල ඒ නමින් ආමන්ත්‍රණය කරනු ලබයි.

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් යනු ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය දිනා ගැනීමේ ඔහුගේ උත්සාහයේ කොටසකි. නෙතන්යාහු නිතර නිතර කැඳවීම සහ භෝජන සංග්‍රහ සියල්ල එම සැලසුම්වල කොටස් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. නොබෙල් සාම ත්‍යාගය යනු සිය ජීවිතය තුළ බොහෝ අවස්ථා අත්පත් කරගත් ට්‍රම්ප්ගේ ජීවිතයේ ඔහුට තවමත් ළඟා විය නොහැකි වූ වටිනාම ඉලක්ක අතරින් එකකි.

“මම යුද්ධ නවත්වනවා. මම යුද්ධ නවත්වනවා. මිනිසුන් මරා දමනවා දැකීම මට පිළිකුල්” ට්‍රම්ප් සඳුදා රාත්‍රී භෝජන සංග්‍රහය ආරම්භ වෙද්දි පැවසූ බවයි වාර්තා වුණේ.

ඔහු නෙතන්යාහුට සමීපවීම, රාත්‍රී භෝජන සංග්‍රහයට ඔහුට ආරාධනා කිරීම, ඉරානයට එරෙහි ඊශ්‍රායල යුද්ධයට සම්බන්ධ වීම සහ නෙතන්යාහුගේ දූෂණ නඩු විභාගය අවලංගු කරන ලෙස ඉල්ලා සිටීම යන සියල්ල පිටුපස බලපෑම ගාසා යුද්ධය අවසන් කිරීම බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීද ඔහුගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබුණා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...