පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය විය යුතු අභියෝගයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම කාර්ය කෙතරම් දුෂ්කර වුවද සාධාරණය ඉටු විය යුතු බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලැබුවේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් පෙරේදා (07) පැවති උපහාර උළෙලේදීය.

එම ඛේදජනක ව්‍යාසනය කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියා.

පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී මැල්කම් කාදිනල් අගරදගුරුතුමන්ගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු සමාජයේ යහ පැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැගීමට වෙහෙසකර ව්‍යායාමයක නිරතවන, රාජ්‍ය තාන්ත්‍රිකයකු, බයිබලයේ ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයෙකු සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියෙකු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...