44%ක ඇමරිකානු තීරු බද්දෙන් රැකියා 50,000ක් අහිමි වෙන ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු යටතේ පසුගිය අප්‍රේල් 02වැනි දා මෙරට පැනවූ සියයට 44ක තීරු බද්ධ ක්‍රියාත්මක වුවහොත් මුල් අදියරේදී ශ්‍රී ලාංකිකයන්ට රැකියා 50,000ක් පමණ අහිමිවීමේ ඉඩකඩක් පවතින බව නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පවසනවා.

දකුණු සහ අග්නිදිග ආසියාවේ රටවල් සමඟ ශ්‍රී ලංකාවට තරඟ කිරීමට ඇති හැකියාවටද එය බලපෑමක් එල්ල කරනු ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අතරතුරදීය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ ආදායමෙන් සියයට 20ක් රඳා පවතින්නේ විශාල අපනයන මත බවත් යෝජිත බද්ද ක්‍රියාත්මක වුවහොත් එයටද බලපෑමක් එල්ල වනු ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා.

ඇමරිකාව ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙඳපොළ බවත් මෙරට ඇඟලූම් සහ රෙදි පිළිවලින් සියයට 20ත් 25ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඇමෙරිකාවටයි. යෝජිත බද්ද ක්‍රියාත්මකා වුවහොත් එයටද බලපෑමක් එල්ල වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ට්‍රම්ප් යෝජිත තීරු බද්ද අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් නොවුණහොත් ජාත්‍යන්තර වෙළඳපොලේදී අනෙකුත් රටවල් සමග තරග කිරීමට ඇති හැකියාවට ඉන් බලපෑමක් එල්ල වනු ඇති බව ඔහු සඳහන් ක‍ර තිබෙනවා.

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ සියයට 10ක තීරුබද්දක් බව ඔහු වැඩිදුරටත් පවසනවා.

Latest News

More like this

රාජ්‍ය ණය බර අඩුවෙලා

2025 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට රජය ගෙවිය...

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික...

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...