ඉම්රාන් ඛාන් නිදහස් කර ගැනීමට පැමිණෙන පුතුන් දෙදෙනාට පාකිස්තානයට ඇතුළු වීම තහනම්..

තම පියා සිරෙන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමෙන් පසු, ඉම්රාන් ඛාන්ගේ දරුවන් පාකිස්තානයට ඇතුළුවීමේ තහනමකට මුහුණ දී සිටිනවා.

එරට නීතිය හා යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අකීල් මලික් බදාදා (ජූලි 9) අනතුරු ඇඟවූයේ හිටපු අගමැතිගේ පුතුන් “අසමගිය පතුරුවා හැරීම” හේතුවෙන් රට තුළ සංචාරය කළහොත් පාකිස්තාන රජයට ඔවුන්ගේ ඇතුළුවීම ප්‍රතික්ෂේප කළ හැකි බවයි.

ඉම්රාන්ගේ පුතුන් දෙදෙනා වන 28 වියැති සුලේමාන් ඛාන් හා 26 හැවිරිදි කාසිම් ඛාන් ඔවුන්ගේ පියා පාකිස්තාන රජය විසින් අනීතිකව සිරගත කරගෙන සිටින අතරම ඔහුගේ ජීවිතයට පවතින තර්ජන පිළිබඳ මෑතකදී ලෝකය හමුවේ අනාවරණය කරනු ලැබුවා.

ඉම්රාන්ගේ පුතුන් දෙපළ සිය පියා සිරගත කිරීම ගැන ප්‍රසිද්ධියේ කතා කළ පළමු අවස්ථාව එයයි.

ඛාන්ගේ බාල පුත් කාසිම්, සඳුදා (ජූලි 7) සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි පළ කරන සටහනකින්ද තම පියා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.

පාකිස්තාන ටෙහ්රීක් ඉ ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘ වන ඉම්රාන් ඛාන් මේ වන විට සිරගත කර දින 700 කට ආසන්න බවත් ඔහුගේ පවුලේ අයගෙන් සහ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාගෙන් පවා වෙන් කර ඇති බව එම සටහනේ සඳහන් වුණා.

ඛාන්ගේ සහෝදරිය වන අලීමා ඛාන් ආඩියාලා බන්ධනාගාරයෙන් පිටත දී පසුගිය දා වාර්තාකරුවන්ට පැවසුවේ ඔවුන් දෙදෙනා ඉදිරියේදී පැවැත්වෙන ඛාන් නිදහස් කර ගැනීම සඳහා වන PTI විරෝධතා ව්‍යාපාරයකට එක්වන බවයි.

ඔවුන්ට පාකිස්තානයට ඇතුළුවීම තහනම් කිරීමට හේතු වූයේ එම ප්‍රකාශයයි. කාසිම් සහ සුලෙයිමාන් විරෝධතා හෝ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත නොවන්නේ නම්, ඔවුන් පාකිස්තානයට ඇතුළු වීම සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටළුවක් නොමැති බව අමාත්‍ය මලික් සඳහන් කර ඇත්තේ ද එබැවිනි.

“ඔවුන් මෙහි පැමිණීම ගැන අපට කිසිදු ගැටළුවක් නැහැ. නමුත් විදේශිකයන් ලෙස දේශපාලන කටයුතුවලට සහභාගී වීම ගැන අපට ගැටළුවක් තිබෙනවා”

ඔවුන්ට පවුල් බැඳීමක් තිබේ නම් පියා බැලීමට පැමිණීමට තිබුණේ මීට පෙර බවයි ඔහු පවසා ඇත්තේ.

2023 අගෝස්තු මාසයේදී පවුම් මිලියන 190 ක දූෂණ නඩුවකට අදාළව ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනුණා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!