චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවත්වයි.. සොයාගත් මිනිස් ඇටසැකිලි ගණන 65කි.

පසුගිය දින 15 පුරා අඛණ්ඩව සිදුවෙමින් පැවති චෙම්මනි සමූහ මිනීවළෙහි දෙවැනි අදියර, අද (ජුලි 10) පස්වරුවේ තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මෙම ක්‍රියාවලිය අතරතුර සමූහ මිනීවළවල්වලින් හඳුනාගත් මිනිස් ඇටසැකිලි 65ක් සම්පූර්ණයෙන් ගොඩ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අංක 01 අධිකරණ වෛද්‍ය කැණීම් ස්ථානයෙන් මිනිස් ඇටසැකිලි 63 ක් සොයා ගන්නා ලද අතර, අධිකරණ වෛද්‍ය කැණීම් ස්ථානය අංක 02 හි තවත් අස්ථි කොටස් දෙකක් සොයා ගෙන තිබෙනවා.

අංක 02 අධිකරණ වෛද්‍ය කැණීම් ස්ථානයේ අසංවිධිත ආකාරයෙන් කැබලි කරන ලද තවත් මිනිස් ඇටසැකිලි හමු වූ බව ද වාර්තා පවසනවා.

සොයාගත් සියලුම අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ භාරයේ තබා ඇති බව සඳහන්ය.

සාක්ෂි ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන අධිකරණ භාරයේ තබා ඇති දෑ අතර සොහොන්වලින් සොයාගත් බෑග්, පාවහන්, වීදුරු වළලු, ඇඳුම් වලට සමාන රෙදි සහ බෝනික්කෙකු වැනි දේ ඇතුළත්ය.

මෙම ස්ථානයේ කැණීම් කටයුතු ජූලි 21 වන දින නැවත ආරම්භ කිරීමට නියමිතය.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...