මියන්මාරයේ බෞද්ධ ආරාමයකට මිලේච්ඡ ගුවන් ප්‍රහාරයක්

මියන්මාරයේ මධ්‍යම සගායිං කලාපයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් එම පරිශ්‍රයේ නවාතැන් ගෙන සිටි 150 දෙනෙකුට අධික සිවිල් වැසියන්ගෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගිය බව ආරංචි මාර්ග පවසනවා.

මිය ගිය අය අතරට දරුවන් සිව් දෙනෙකුද ඇතුළත්ය.

සගායිං නගරයේ ලින් ටා ලු ගම්මානයේ පිහිටි ආරාමයට රාත්‍රියේ එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර, ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තාවල දැක්වෙනවා.

මෑත සතිවල කලාපයේ සටන් හේතුවෙන් අවට ගම්මානවල වැසියන් නවාතැන් ගෙන සිට ඇති මෙම ආරාමායට ප්‍රහාරක ජෙට් යානයකින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණේ අලුයම 1.00ට පමණය.

මරණ සංඛ්‍යාව 30ක් තරම් ඉහළ යා හැකි බව මියන්මාරයේ ස්වාධීන බුරුම ප්‍රජාතන්ත්‍රවාදී හඬ අන්තර්ජාල මාධ්‍යය පවසා තිබෙනවා.

මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක් පමණ වයඹ දෙසින් පිහිටි ආරාමයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ මියන්මාර හමුදා පාලනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

2021 පෙබරවාරි මාසයේදී අවුන් සාන් සුකීගේ තේරී පත් වූ රජය පෙරළා හමුදාව බලය අල්ලා ගත් දා සිට මියන්මාරය තුළ සිවිල් යුද්ධයක් හට ගෙන තිබෙනවා.

ජුන්ටාව සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හමුදා පාලනයට විරුද්ධ බොහෝ දෙනෙකු ආයුධ ගත් අතර රටේ බොහෝ ප්‍රදේශවල හමුදාව සමඟ ගැටුම් ඇතිවීමට එය හේතු වුණා.

විපක්ෂ බලවේග මැඩපැවැත්වීම සඳහා හමුදාව ගුවන් ප්‍රහාර භාවිතා කරනු ලබන අතර සගායිං කලාපයේ එම ප්‍රහාර වැඩි කර තිබෙනවා. ගුවන් ප්‍රහාර, ගම්මාන ගිනි තැබීම සහ සිවිල් වැසියන් ඉලක්ක කිරීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් හමුදාවට චෝදනා රැසක් එල්ල වන වාතාවරණයක සිවිල් යුද්ධය ආරම්භ වූ දා සිට 75,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මිලියන 17.6 කට අධික පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර මිලියන 3 කට වැඩි පිරිසක් අවතැන් වී සිටිනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!