එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.

මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා මෙම නව ක්‍රමයට යාවත්කාලීන කිරීමේ කොටසක් ලෙස එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට වඩාත් තරඟකාරී මිල ගණන් යටතේ ආනයනවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි.

පැවති ආනයනික ප්‍රතිපත්තීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට (DCTS) වැඩිදියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමඟින් වෙළෙඳාම පහසුකරවන අතර ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපරකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍රවේශය මේ සමග හිමිවීමට නියමිතය.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...