2026 ජනවාරි 01වැනිදා සිට පාසල්වල නව පෙරළියක්

2026 ජනවාරි 01 දා සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිත අතර, මුලින්ම සියලු පාසල්වල පළමු ශ්‍රේණියට සහ 6 වන ශ්‍රේණියට අදාළව මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ ලබන වසරේ සිට සියලු පාසල්වල එක් කාලච්ඡේදයක් විනාඩි පනහක් වන අතර දිනකට උගන්වන කාලච්ඡේද සංඛ්‍යාව හතකට සීමාවන බව ලේකම්වරයා පවසනවා.

ඒ අනුව එක සහ හය ශ්‍රේණිවල ගුරුවරුද මෙම නව ප්‍රතිසංස්කරණවලට අදාළව පුහුණු කිරීමට නියමිතය.

එහිදී මූලික වශයෙන් ජාතික අධ්‍යාපන ආයතනය මගින් ගුරුවරු 7500ක් පුහුණු කිරීමට සැලසුම් කර ඇති අතර ක්‍රමයෙන් ගුරු පුහුණුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන බව ඒ මහතා සඳහන් කරනවා.

නව ප්‍රතිසංස්කරණවලට අදාළව මේ වර්ෂය තුළ අවම වශයෙන් ගුරුවරු ලක්ෂයක් පමණ පුහුණු කිරීමට සිදුවන බවද ඔහු පෙන්වා දෙනවා.

අධ්‍යාපන ලේකම්වරයා මේ බව අනාවරණය කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවකදීය.

නව ප්‍රතිසංස්කරණ යටතේද සාමාන්‍ය පරිදි සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නමුත් එහිදී දරුවන් විභාගයට මුහුණ දෙන්නේ දැනට පවතින විෂය මාලාවට වඩා වෙනස් විෂය මාලාවකට අනුව බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මෙහිදී සඳහන් කර සිටියා.

ඒ අනුව ප්‍රධාන විෂයයන් පහකට සහ තෝරා ගන්නා ලද තවත් විෂයයන් දෙකකට වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුවෙක් විෂයයන් හතකට පෙනී සිටිය යුතු බවද ඇය පෙන්වා දෙනවා. 10 හා 11 ශ්‍රේණීවල තක්සේරු ලකුණු ක්‍රමය දැනට ක්‍රියාත්මක වන පරිදිම ඉදිරියටත් ක්‍රියාත්මක බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුම්වත් කිරීම පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැතිනී හරිනි අමරසූරියගේ ප්‍රධානත්ව‌යෙන් පැවැත්වුණා.

මෙහිදී නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක හා අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා මාර්ගෝපදේශන මූලධර්ම, විෂය මාලා ප්‍රතිසංස්කරණය හා එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා සම්බන්ධයෙන් එහිදී දැනුම්වත් කර තිබෙනවා.

විශේෂ අවශ්‍යතා සහ ආබාධ සහිත දරුවන් වෙනුවෙන්ද මෙම අධ්‍යාපන පරිවර්තනය ඇති කිරීමේ වැදගත්කම හා අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!