ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමේ…

එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන් තොටුපළ නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ (13) සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු කඩා වැටීම ගුවන් තොටුපළේ මෙහෙයුම් නතර කිරීමට හේතු වුණා.

පොලිස්, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර ගුවන් තොටුපළට සහ ඉන් පිටතට යන සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති බව ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන් තොටුපළ පවසා තිබෙනවා.

මෙම බිහිසුණු අනතුරු පටිගත වී ඇති අතර ගුවන් යානය දැවැන්‍ත ගිනි ජාලයක් බවට පත්වන අයුරු කැමරාවල සටහන් වී තිබෙනවා.

ගුවන් යානය සවුත්එන්ඩ් සිට නෙදර්ලන්තයේ ලෙලිස්ටැඩ් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ බව වාර්තා වෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ කොපමණ පිරිසක් සිටියාද යන්න සහ ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ තොරතුරු කිසිවක් වාර්තා වී නැහැ.

මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZ1 වර්ගයේ ගුවන් යානයක් බව සඳහන් වෙනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...