යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා (ජූලි 13) සඳහන් කරනු ලැබුවා.

මෙම තීරණය ගැනීම සඳහා ට්‍රම්ප්ට බලපෑම් කර ඇත්තේ රුසියානු නායක ව්ලැදිමීර් පුටින් සමඟ අවිනිශ්චිත සම්බන්ධතාවය බවයි පැවසෙන්නේ. “පුටින් උදේට හොඳට කතාකරනවා, පසුව හවසට බෝම්බ දානවා” යයි ට්‍රම්ප් පවසා තිබෙනවා.

මේ හේතුවෙන් යුක්‍රේනයට පේට්‍රියට් මිසයිල යැවීම අත්‍යාවශ්‍ය බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ. නේටෝ සම්බන්ධීකරණ නව විධිවිධානයක් යටතේ යුක්‍රේනය ආයුධ සඳහා සියයය සියයක ගෙවීමක් සිදු කරන බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ඔහු යුක්‍රේනයට කොපමණ මිසයිල ප්‍රමාණයක් යවනවාද යන්න නිශ්චිතව පවසා නැහැ.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...