ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා (ජූලි 13) ප්‍රකාශ කළ අතර “ඉදිරි සතිය තුළ” ප්‍රගතියක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ කර තිබෙනවා.

ඔහුගේ මෙම ප්‍රකාශය සිදු වන්නේ එදිනම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ ළමුන් ඇතුළු පලස්තීනුවන් 40 කට වැඩි පිරිසක් මිය ගිය පසුබිමක සහ කටාර් මැදිහත්වීමෙන් පැවැත්වෙන සාකච්ඡාද ඇණ හිට ඇති තත්ත්වයක් තුළය.

මෙම ප්‍රකාශය, ගාසා තීරයට සාමය ගෙන එන බවට වන ට්‍රම්ප්ගේ මීට පෙර ශුබවාදී බලාපොරොත්තු නැවත ප්‍රතිරාවය කිරීමක් බඳුවුවද, සාම සාකච්ඡාවල බිම් මට්ටමේ ඉදිරි ගමනක සලකුණු ඉතාම අවම බවයි වාර්තා වන්නේ.

ගාසාහි සිවිල් ආරක්ෂක ඒජන්සියට අනුව, ඉරිදා දිනයේදී පමණක් පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ගාසා නගරයේ වෙළඳපොළක පුද්ගලයින් 11 දෙනෙකු සහ නුසෙයිරාට් සරණාගත කඳවුරේ ජලය බෙදා හැරීමේ ස්ථානයක ළමුන් අට දෙනෙකු ද ඒ අතර සිටින බව වාර්තා පෙන්වා දෙනවා.

ඊශ්‍රායලය මෙම ප්‍රහාරය පිළිබඳ පැහැදිලි කරමින් පවසා තිබුණේ ඊශ්‍රායලය ජිහාඩ් සාමාජිකයකු ඉලක්ක කරනු ලැබූ බවයි.

සිදුවීම සමාලෝචනය කරමින් පවතින බවත් තුවාල ලැබුවන් පිළිබඳ වාර්තා පරීක්ෂා කරමින් පවතින බවත් ඔවුන් පවසා තිබෙනවා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...