රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන් ඉවත් වීමෙන් පසුව ඒ සඳහා වැයකළ මූලික මුදල අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉල්ලා සිටීම හේතුවෙන් රජය සහ එම සමාගම අතර නීතිමය ගැටුමක් නිර්මාණය විය හැකි බව ආරංචි මාර්ග පවසනවා.

සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ පැවති රජය එකඟ වූ කොන්දේසි මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට වත්මන් රජය එකඟ නොවීම හේතුවෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ව්‍යාපෘතියෙන් ඉවත් වුණා.

රජයේ උත්සහය වූයේ උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල අඩු කර ගැනීමයි.

ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වන අවස්ථාවේ විදුලිය ඒකකයක් සඳහා එවකට පැවති රජය ගෙවීමට එකඟ වූ මිල වත්මන් රජය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ මන්නාරම සහ පුනරින් නගරවල සුළං බලාගාර ඉදිරි කිරීමට නියමිතව තිබූ අතර එහි ආයෝජනය ඇමෙරිකන් ඩොලර් මිලියන 442 කි.

මෙම වසරේදී මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක අවම ධාරිතාවක් ව්‍යාපෘතිය මගින් එක් කිරීමට නියමිතවව තිබුණා.

ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්තිය අධිකාරිය සමඟ එක්ක ව්‍යාපෘතියේ පර්යේෂණ සහ විමර්ශන සඳහා මුලින් කල වියදම් නැවත ගෙවන ලෙස පසුගිය මැයි මාසයේදී අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ බලධාරීන් ලිපියක් මාර්ගයෙන් බලශක්ති අමාත්‍යාංශයට දන්වනු ලැබුවා.

මේ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉල්ලා ඇති ඇතැම් වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරිය මේ වන විට නීති සහාය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...