රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන් ඉවත් වීමෙන් පසුව ඒ සඳහා වැයකළ මූලික මුදල අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉල්ලා සිටීම හේතුවෙන් රජය සහ එම සමාගම අතර නීතිමය ගැටුමක් නිර්මාණය විය හැකි බව ආරංචි මාර්ග පවසනවා.

සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ පැවති රජය එකඟ වූ කොන්දේසි මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට වත්මන් රජය එකඟ නොවීම හේතුවෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ව්‍යාපෘතියෙන් ඉවත් වුණා.

රජයේ උත්සහය වූයේ උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල අඩු කර ගැනීමයි.

ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වන අවස්ථාවේ විදුලිය ඒකකයක් සඳහා එවකට පැවති රජය ගෙවීමට එකඟ වූ මිල වත්මන් රජය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ මන්නාරම සහ පුනරින් නගරවල සුළං බලාගාර ඉදිරි කිරීමට නියමිතව තිබූ අතර එහි ආයෝජනය ඇමෙරිකන් ඩොලර් මිලියන 442 කි.

මෙම වසරේදී මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක අවම ධාරිතාවක් ව්‍යාපෘතිය මගින් එක් කිරීමට නියමිතවව තිබුණා.

ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්තිය අධිකාරිය සමඟ එක්ක ව්‍යාපෘතියේ පර්යේෂණ සහ විමර්ශන සඳහා මුලින් කල වියදම් නැවත ගෙවන ලෙස පසුගිය මැයි මාසයේදී අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ බලධාරීන් ලිපියක් මාර්ගයෙන් බලශක්ති අමාත්‍යාංශයට දන්වනු ලැබුවා.

මේ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉල්ලා ඇති ඇතැම් වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරිය මේ වන විට නීති සහාය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...