යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද ‘සැමට සෙවණ’ ආදර්ශ ගම්මාන විවෘත කිරීමේ ප්‍රචාරක කටයුතු සඳහා පමණක් රුපියල් කෝටි 52කට වැඩි මුදලක් වැය කර ඇතැයි නිවාස සංවර්ධන අධිකාරියේ සම්පත් කළමනාකරණ ඒකකයේ මුදල් කොට්ඨාසය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

2015 සිට 2019 දක්වා කාලයේදී සැමට සෙවණ ආදර්ශ ගම්මාන 2562ක් ක්‍රියාත්මක කර ඇතත් නිවාස ඒකක සියල්ල ඉදිකර විවෘත කර ඇති ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 367ක් පමණක් බවද වාර්තාවේ දැක්වෙනවා.

සැමට සෙවණ ව්‍යාපෘතියේ ආදර්ශ ගම්මාන ණය ලැබූ ප්‍රතිලාභීන් ගන්න 25,453 ක් බවත් ආදර්ශ ගම්මාන ආධාර ලැබූ ප්‍රතිලාභීන් ගණන 28,633 බවත් වාර්තාවේ සඳහන්ය.

2015 වසරේ සිට 2020 දක්වා ක්‍රියාත්මක කරන ලද සැමට සෙවණ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 20,363 දෙනෙකු රුපියල් කෝටි 254කට වැඩි ණය මුදල් ගෙවීම පැහැර හැර ඇතැයිද විසිරි නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 1,12,204 දෙනෙකු රුපියල් කෝටි 342කට වැඩි ණය ගෙවීම පැහැර ඇති බව එහි දැක්වෙනවා.

ඒ අනුව සැමට සෙවණ සහ විසිරි නිවාස ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභීන් 132567 දෙනෙකු පැහැර හරින ලද මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 566කට අධිකය.

අදාළ වාර්තාවට අනුව 2015 වසරේ සිට 2019 වසර දක්වා නිවාස ආධාර ලෙස බෙදා හරින ලද සිමෙන්ති කොට්ට ප්‍රමාණය 1,050,249 කි.

සිමෙන්ති කොට්ට ලැබූ ප්‍රතිලාභීන් ගණන 1,10,257 ක් බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අනුව අදාළ වාර්තාවට අනුව එක් ප්‍රතිලාභියකු සඳහාදෙන ලද උපරිම සිමෙන්ති කොට්ට ප්‍රමාණය 10කි.

නිවාස ආධාර ලෙස බෙදාහරින ලද සිමෙන්ති කොට්ට වෙනුවෙන් වියදම් කළ මුදල රු කෝටි 90කට අධිකය.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...