ආසියානු සහ අප්‍රිකානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ඩැරින් වීරසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත දස්කම් පෙන්වයි

2025 ජූලි 6 සිට 13 දක්වා ජපානයේ හිමේජි හි පැවති ආසියානු සහ අප්‍රිකානු බර ඉසිලීමේ ශූරතාවලියේදී කීර්තිමත් මළල ක්‍රීඩක ඩැරින් වීරසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ජාතික බර ඉසිලීමේ කණ්ඩායම ඉතිහාසගත දස්කම් දැක්වීමට සමත් වුණා.

රටවල් 18 කින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ කරමින් ජාත්‍යන්තර බර ඉස්ලීමේ වේදිකාවේ තම පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් වූයේ විශිෂ්ට අයුරෙනි. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් සමඟින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

2019 පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී සහ 2024 IPF ලෝක ශූරයා වන ඩැරින්, මෙම වසර මුලදී ශ්‍රී ලංකා ජාතික තරගාවලියේදී ඔවුන්ගේ කාණ්ඩවල ආධිපත්‍යය දැරීමෙන් පසු ක්‍රීඩිකාවන් 8 දෙනෙකු හා ක්‍රීඩකයින් 4 දෙනෙකුගෙන් සමන්විත 12 දෙනෙකුගෙන් යුත් ජාතික කණ්ඩායමේ නායකත්වය දැරීය.

මෙම ශූරතාවලිය සඳහා ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, සිංගප්පූරුව සහ මැලේසියාව ඇතුළු රටවලින් ඉහළම බර එසවුම් ක්‍රීඩකයින් සහභාගී වී සිටියා. මේ නිසාම ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය පදක්කම් එකතුව කණ්ඩායමේ දැඩි සූදානම සහ ලෝක මට්ටමේ විභවය පිළිබිඹු කරන්නකි.

කැපී පෙනෙන දස්කම් අතර, උවිඳු ජයසිංහ කිලෝග්‍රෑම් 310ක බර පන්තියේ වාර්තාවක් පිහිටුවීමෙන් ප්‍රධාන මාතෘකා බවට පත් වූ අතර එස්. පුශාන්තන් කිලෝග්‍රෑම් 832.5ක ඇදහිය නොහැකි බරක් එසවීමෙන් පවතින ජාතික වාර්තා බිඳ දැමීමට සමත් වුණා. දැඩි තරඟකාරී කිලෝග්‍රෑම් 120kg+ M1 කාණ්ඩයේ රන් පදක්කම් 1ක් සහ රිදී පදක්කම් 2ක් සමඟින් නායක ඩැරින් ද පදක්කම් සටහනට එක් කරනු ලැබුවේ කැපී පෙනෙන දායකත්වයකි.

හිමේජි හි සාර්ථකත්වය, ශ්‍රී ලංකා බර ඉසිලීමේ ඉතිහාසයේ ශක්තිමත්ම ජාත්‍යන්තර තරගාවලියක් සනිටුහන් කළ අතර දේශීය වශයෙන් ක්‍රීඩාව සඳහා නව මිණුම් ලකුණක් සනිටුහන් කිරීමට සමත් වුණා.මෙය ගෝලීය බර ඉසිලීමේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දිවයිනේ නැගී එන තත්ත්වය ද නැවත තහවුරු කිරීමකි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...