යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා (ජුලි 15) අවධාරණය කරනු ලැබුවා.

ජූලි 4 වන දින නායකයින් දෙදෙනා අතර දුරකථන ඇමතුමකදී අමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු අගනුවරට පහර දෙන ලෙස දිරිමත් කළ බවට වාර්තා පළ වීමෙන් පසුව වාර්තාකරුවන් ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

පසුගිය දා පළ වූ වාර්තාවලට අනුව ට්‍රම්ප්, සෙලෙන්සික්ගෙන් සෘජුවම මොස්කව් වෙත පහර දිය හැකිදැයි විමසා ඇති බව සඳහන් වුණා.

නියත වශයෙන්ම ඔබ අපට ආයුධ ලබා දෙන්නේ නම් එය කළ හැකි බව සෙලෙන්ස්කි පවසා ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ. කෙසේ වෙතත් එම වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් වාර්තාකරුවන් වෙත පවසා ඇත්තේ මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ නොදෙන බවයි.

යුක්‍රේනයට දිගු දුර මිසයිල සැපයීමට ඔහු කැමති දැයි එක්සත් ජනපද ජනාධිපතිවරයාගෙන් ද විමසූ අතර එයට ඔහු පිළිතුරු දී ඇත්තේ “නැහැ, අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ” යනුවෙනි.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...