ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක කුසලාන අවසන් මහා තරඟයට සහභාගී වූ අතර එහිදී ඔහුගේ සෞඛ්‍ය පිළිබඳ මත රාශියක් පළ වුණා.

සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ට්‍රම්ප්ගේ ඉදිමුණු ඇඟිලි සහ ඔහුගේ දකුණු අතේ සමෙහි මතුවූ සලකුණු පෙන්වන ඡායාරූප බෙදා ගැනුණා.

ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ විවිධ මත පළ වීමට පටන් ගැනුණෙ ඒ සමඟයි. පසුගිය මාසයේදී, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන ෆ්‍රෙඩ් ට්‍රම්ප් III, තම මාමාගේ මානසික යෝග්‍යතාවය පිළිබඳ කනස්සල්ල පළ කරමින් ඩිමෙන්ශියා රෝගයෙන් පෙළෙන පවුල් ඉතිහාසයක් පෙන්වා දී තිබුණා.

සමාජ මාධ්‍ය පරිශීලකයින් ට්‍රම්ප්ගේ අතේ සහ වළලුකරවල ඡායාරූප බෙදාගෙන එය ඉදිමී ඇති බවයි සඳහන් කර තිබුණේ. මේ අනුව බොහෝ දෙනෙක් සැක පළ කරනු ලැබුවේ ට්‍රම්ප් පරිපාලනය ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සඟවනවාද යන්න පිළිබඳවයි.

ඔහුට සමේ ගැටලු රාශියක් පවතින බවත් එය රුධිර පීඩනයේ හෝ හෘද රෝගවල සලකුණක් බව තවත් අය පෙන්වා දී තිබුණා. එහෙත් මේ වසරේ අප්‍රේල් මාසයේදී ධවල මන්දිරය එහි වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ ට්‍රම්ප් “විශිෂ්ට සංජානන සහ ශාරීරික සෞඛ්‍යයකින්” සිටින බවයි.

ඔහුගේ දෙවන ජනාධිපති ධුර කාලයේ පළමු වාර්ෂික ශාරීරික පරීක්ෂණයේදී, පසුගිය ජූලි මාසයේ ඝාතන උත්සාහයකින් පසු ට්‍රම්ප්ගේ “දකුණු කණෙහි වෙඩි වැදීමකින්” කැළැල් ඇති බව පැවසුණා.

ඉරිදා (ජූලි 13) FIFA Club ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේදී ඔහු ක්‍රීඩාංගනයට ඇතුළුවන විට නරඹන්නන්ගෙන් ඔහුට හූ සංග්‍රහයක් ලැබීමද බොහෝ කතාබහට හේතු වී තිබෙනවා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...