ජාතික රෝහලේ මෘත ශරීරාගාරය මාස තුනක් තිස්සේ අක්‍රීයයි.. අසාමාන්‍ය දුර්ගන්ධයක් පැතිරේ

කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ අධිශීතාගාරය මාස තුනකට වඩා වැඩි කාලයක් ක්‍රියා විරහිත තත්ත්වයේ පවතී.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ හේතුවෙන් මෘත ශරීර නරක්වී අධික දුර්ගන්ධයක් හමා යන බව සඳහන්ය. මෙම අධික දුර්ගන්ධය හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයට රාජකාරි කිරීමේදී අපහසුතාවට පත්වීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මෙම ශීතාගාරය අක්‍රියවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළද මෙතෙක් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව රෝහල් සේවකයින් පවසා තිබෙනවා.

ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ ශීතකරණ තුළ පහසුකම් පවතින්නේ මෘතදේහ හැටහයක් (66) ක් තැබීමට පමණි. මේ වනවිට මෘත ශරීරර තැන්පත් කිරීමේදී එයද ප්‍රමාණවත් නොවන බව මෘත ශරීරාගාර සේවකයෝ පවසා තිබෙනවා.. මේ තත්ත්වය මත රෝහල් තුළදී මියයන පුද්ගලයන්ගේ සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට රැගෙන එන මළ සිරුරු තැබීමේදී ගැටලු මතුව තිබෙනවා.

ඇතැම් මෘතදේහ කිසිම ආකාරයකින් හඳුනාගැනීමට නොහැකි මට්ටමට නරක්වී පවතින නිසා පරීක්ෂණ කටයුතු කිරීමටද අපහසුවී ඇති බව සඳහන්ය. මෙම මෘතදේහ ඉවත් කිරීම සඳහා ඇති ක්‍රමවේදයේ අඩුපාඩු හේතුවෙන්ද රෝහල් මෘතශරීරාගාරය තුළ මෙසේ නරක් වූ මළසිරුරු ගොඩ ගැසී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇතැම් මළසිරුරුවල භාරකරුවන් සොයා ගැනීමේ නොහැකි තත්ත්වයක් පවතින බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...