ලොස් ඇන්ජලීස් හි මිනිසුන් රැස්ව සිටි ස්ථානයකට මෝටර් රථයක් කඩා වදී

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලොස් ඇන්ජලීස් බලධාරීන් සඳහන් කරන ආකාරයට රෝගීන් 20 කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සඳහන්ය.

අටදෙනෙකු සහ දහ දෙනෙකු අතර සංඛ්‍යාවක් බරපතල තත්ත්වයේ පසුවන අතර තවත් 10-15 අතර සංඛ්‍යාවක් සාමාන්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා පවසනවා.

මෙම අනතුර සිදු වුණේ ලොස් ඇන්ජලීස් හි වර්මොන්ට් රාත්‍රී සමාජ ශාලාවෙන් පිටතය.

සුන්බුන් රැසක් මධ්‍යයයේ අළු පැහැති මෝටර් රථයක් පදික වේදිකාව මත නතරවී ඇති ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝපටවල දැක්වෙනවා.

රාත්‍රී සමාජ ශාලාවෙන් පිටත සිටින පිරිස අතරට වාහනය කඩා වැටීමට පෙර වෙඩි හඬක් ඇසුණු බව සිද්ධිය වූ ස්ථානයේ සිටි ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසූ බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...