විපක්ෂ නායක ධුරයෙන් සජිත් නෙරපා දැමීමේ අවශ්‍යතාව දැඩි වේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයෙන් නෙරපා හැරීමේ රහසිගත මෙහෙයුමක් මේ වන විට ක්‍රියත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

සමගි ජන බලවේගය (SJB) දිගින් දිගටම මැතිවරණ පරාජය වී ඇති පසුබිමක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මතයක් නිර්මාණය වීම මෙම තත්ත්වයට හේතුව බවයි වාර්තා වන්නේ.

එම තනතුර විපක්ෂයේ වඩාත් ප්‍රබල වෙනත් මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන්, දේශපාලන විචාරකයන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ බහුජන සංවිධාන යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් නායකත්වය යටතේ විපක්ෂ නායකවරයකුගේ භූමිකාව නිසි ලෙස ඉටු නොවන බවයි.

බොහෝ කාලීන ගැටලුවලට නිසි ලෙස මුහුණ නොදී රජයට උපදෙස් දීම පමණක් සිදු වෙමින් පවතින අතර එය බරපතල ගැටලුකාරී තත්ත්වයක් බව පෙන්වා දෙනවා.

විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරන මන්ත්‍රීවරුන් ලෙස මේ වන විට මතු වී සිටින්නේ නාමල් රාජපක්ෂ සහ දයාසිරි ජයසේකර වැනි අයයි. ඔවුන්ගෙන් එක් අයෙකු විපක්ෂ නායකවරයාට පත් කළ යුතු බව බොහෝ පාර්ශ්වයන් යෝජනා කර තිබෙනවා.

මේ අතර, විපක්ෂ නායක ධුරය වෙනත් අයෙකුට ලබා දීමේ හැකියාව සහ ඒ සඳහා ඇති නෛතික පසුබිම පිළිබඳවද මේ දිනවල සොයා බැලීම් සිදුවන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ මේවන විට ජනාධිපතිවරණ දෙකක්, මහ මැතිවරණ තුනක් සහ පළාත් පාලන මැතිවරණයක් පරාජයට පත් වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!