සැඟවී ගිය එකගෙයි කෑමේ චාරිත්‍රයට පණ දුන් අයිය මළෝ දෙන්නා…

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි කුඩා කොටසක පැවති ‘හට්ටි’ බහුපුරුෂ විවාහ යනු හට්ටි නම් ප්‍රජාව අතර ප්‍රචලිත වූ ඉපැරණි සිරිතකි.

එය අපගේ පුරාණ ‘එක ගෙයි කෑම’ නම් විවාහ සිරිතේ පිළිබිඹුවක් වන අතර එම චාරිත්‍රය මේ වන විට බොහෝ සමාජවලින් වියැකී යමින් පවතී.

එම මියැදිමින් පවතින චාරිත්‍රයට පණ දුන් සහෝදරයින් දෙදෙනෙකු පිළිබඳ නොබෝදා වාර්තා පළ වුණේ සිර්මූර් දිස්ත්‍රික්කයේ ෂිලායි ගම්මානයෙනි.

එම සහෝදරයින් දෙදෙනා ඔවුන්ගේ බිරිඳ ලෙස එක් තරුණියක තෝරා ගෙන තිබුණු අතර එම විවාහය උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

ප්‍රදීප් නේගි සහ කපිල් නේගි අසල කුන්හාට් ගම්මානයේ සුනීතා චෞහාන් නම් කාන්තාවක් සමඟ විවාහ වූ බව ට්‍රිබියුන් පුවත්පත වාර්තා කර තිබුණා.

එම උත්සවය හට්ටි ප්‍රජාවේ සංස්කෘතික උරුමය සැමරීමක් වූ බව එම වාර්තාවේ සඳහන්ය. ඔවුන් තම ඉතිහාසය ගැන ආඩම්බර වන බවත් ප්‍රසිද්ධියේ එම චාරිත්‍රය ඉටු කිරීමට නොපැකිලෙන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

සහෝදරයන්ගෙන් එක් අයෙකු විදේශයක ජීවත් වන නමුත් පොදු බිරිඳක් ලබා ගැනීමට එය බාධාවක් නොවන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම විවාහ චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගී වූ අතර සම්ප්‍රදාය සැඟවී ඇති ස්ථානයෙන් පිටතට ගෙන ඒමට ගත් තීරණයට මුළු ගම්මානයම ආශිර්වාද කළ බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

මනාලිය වන සුනීතා, ස්වාමිපුරුෂයන් දෙදෙනෙකු ගැනීමට තමාට බලපෑම් නොකළ බවත් එය ඇගේ තේරීම බවත් තහවුරු කර තිබෙනවා. “මම මේ සම්ප්‍රදාය ගැන දන්නවා, මම එය කැමැත්තෙන්ම තෝරා ගත්තා. අපි එක්ව මෙම ප්‍රතිඥාව දුන් අතර, අප ගොඩනඟා ගත් බැඳීම කෙරෙහි මට විශ්වාසයක් තිබෙනවා.” යැයි ඇය පවසා තිබෙනවා.

සිර්මූර් හට්ටි ප්‍රජාවේ බහු පුරුෂ විවාහ සම්ප්‍රදාය ජෝඩිදරන් හෝ ද්‍රෞපදි ප්‍රතා ලෙසද හැඳින්වෙනවා. මෙය මහා භාරතයෙන් ආරම්භ වූ අතර, එහිදී ද්‍රෞපදිට පාණ්ඩවයන් පස් දෙනෙකු ඇගේ ස්වාමිපුරුෂයන් ලෙස සිටි බව සඳහන් වෙනවා.

මෙම සම්ප්‍රදාය මතු වූයේ මුතුන් මිත්තන්ගේ ඉඩම් බෙදීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ය.

එය පවුල එක්සත්ව තබා ගැනීම ද අරමුණු කර ගෙන තිබෙනවා. මෙම සිරිතට පක්ෂව ඇති එක් තර්කයක් වන්නේ, වැඩිමහල් සහෝදරයා මිය ගියත් කාන්තාව කිසි විටෙකත් වැන්දඹුවක් නොවන බව සහතික කරන බවයි.

විශේෂයෙන්, කාන්තාව සාමාන්‍යයෙන් වැඩිමහල් සහෝදරයා සමඟ පමණක් විවාහ වී සිටින නමුත් අනෙක් සහෝදරයන් ද ඇගේ ස්වාමිපුරුෂයන් ලෙස පිළිගැනීම පුරාණ චාරිත්‍රය වෙනවා.

නමුත් නූතන සම්ප්‍රදායන් නිසා මෙම පුරුද්ද මේ වන විට ක්‍රියාත්මක වන්නේ නැති තරම් බවයි පැවසෙන්නේ.

Latest News

More like this

නිවස තුළ පීඩනය දරාගත නොහැකිව හඬා වැටුණ තනුශ්‍රී

2018 වසරේ දී බොලිවුඩයේ #MeToo ව්‍යාපාරය නැගී ආ සමයේ...

චිත්‍රපට තිර, රොබෝ වේටර්වරු සහිත ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා අවන්හල විවෘත වේ

ප්‍රකෝටිපති බිලියනයකු වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම විසින් එක්සත්...

පිරිමි අඩුවීම හමුවේ දීග යන වයසේ දුප්පත් කෙල්ලෝ අර්බුදයකට

මෙරට පිරිමි ජනගහණය අඩුවීම හමුවේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයට යනු...

අනියම් ප්‍රේමය සජීවී කැමරාවකින් පෙන්වීම නිසා අමෙරිකාවේ Astronomer ලොක්කාට සිදු වූ විපත

අමෙරිකාවේ මැසචුසෙට්ස් හි ගිලට් ක්‍රීඩාංගනයේ පැවති Coldplay ප්‍රසංගයක් අතතුර...
error: Content is protected !!