රුසියාවට එකවර ප්‍රබල භූමිකම්පා තුනක්.. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වේ

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට රිච්ටර් පරිමාණයේ 7.4 ක විශාල භූමිකම්පාවක් ඇතුළු භූමිකම්පා තුනක් ඇති වීමෙන් පසු පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විශාල භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි නගරයට කිලෝමීටර් 144 ක් නැගෙනහිරින් කිලෝමීටර් 20 ක් ගැඹුරින් සිදු වූ බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, ඉරිදා පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයට මිනිත්තු 32 ක කාලයක් තුළ මෙම භූමිකම්පා තුනම ඇති වී තිබුණා.

විශාල භූමිකම්පාවට මිනිත්තු 30 කට පමණ පෙර 6.7 සහ 5.0 ක විශාලත්වයකින් යුත් අනෙකුත් කම්පන දෙකක් ඇති වූ බව භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා තිබෙනවා.

පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි යනු ජනගහනය 163,152 කට වඩා වැඩි පැසිෆික් සාගරයට මුහුණලා ඇති කම්චැට්කා කලාපයේ පිහිටා ඇති නගරයකි.

කම්චැට්කා අර්ධද්වීපය ප්‍රබල භූ කම්පන කලාපයක් වන අතර එය පැසිෆික් සහ උතුරු ඇමරිකානු භූ තැටි හමුවන ස්ථානය ලෙසයි සැලකෙන්නේ.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...