වියට්නාම බෝට්ටු අනතුර : 10 හැවිරිදි දරුවකු ප්‍රාතිහාර්යකින් දිවි ගලවා ගනී

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් ගිලී යාමෙන් දරුවකු ප්‍රාතිහාර්යක් ලෙස දිවි ගලවා ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

දිවිගලවා ගෙන ඇත්තේ 10 හැවිරිදි පිරිමි දරුවෙකි.

වයස අවුරුදු 10 ක් වන මෙම පිරිමි දරුවා තම පවුලේ අය සමඟ වියට්නාමයේ ප්‍රසිද්ධ හැලොන්ග් බොක්ක නැරඹීමට යමින් සිටියදී ඔවුන් ගමන් කළ බෝට්ටුව අනපේක්ෂිත කුණාටුවකට හසු වීමෙන් මෙම අනතුර සිදු වුණා.

බෝට්ටුව පෙරළුණු පසු දිය යට වායු බෑගයක රැඳුනු දරුවා බේරා ගන්නන් එනතුරු එහි ගුලිවී බලා සිටි බව සඳහන් ය.

ඔහු මානසික කම්පනයකට ලක්ව සිටියදී ගලවා ගැනීමේ හමුදාවන් විසින් බේරාගත් බවයි සඳහන් වන්නේ.

දේශීය මාධ්‍ය ආයතනයක් වන වියට්නාම්නෙට් වාර්තා කර තිබුණේ ඔහුට ප්‍රථාමාධාර දෙමින් රෝහලක් වෙත මාරු කර යැවූ බවයි.

“හැම දෙයක්ම ඉතා ඉක්මනින් සිදුවුණා” දරුවා පැවසූ බව මාධ්‍ය වාර්තා පවසනවා.

“මම එළියට එන්න උත්සහ කළා, ඊට පස්සේ සොල්දාදුවන් මාව බේරාගත්තා.” සෙනසුරාදා කුණාටුවකින් වොන්ඩර් සී නෞකාව පෙරළීමෙන් පසු අතුරුදහන් වූ කාර්ය මණ්ඩලය සහ මගීන් සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය නිසා එය ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

බෝට්ටුව ගිලීයාමෙන් අවම වශයෙන් 37 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වුණා.

රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ ආකාරයට බෝට්ටුවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 53 දෙනෙකු සිටි අතර 10 දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් වී තිබෙනවා.

දිවි ගලවා ගත් එක් 36 හැවිරිදි වියට්නාම ජාතිකයෙක් පවසා ඇත්තේ තම ජීවිතාරක්ෂක කබාය පසෙකට දමා ජලයෙන් යට වූ බෝට්ටුවේ කවුළුවක් හරහා පිහිනීමෙන් තමා පෙරළුණු බෝට්ටුවෙන් දිවි ගලවා ගත් බවයි.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...