රුසියාවට එකවර ප්‍රබල භූමිකම්පා තුනක්.. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වේ

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට රිච්ටර් පරිමාණයේ 7.4 ක විශාල භූමිකම්පාවක් ඇතුළු භූමිකම්පා තුනක් ඇති වීමෙන් පසු පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විශාල භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි නගරයට කිලෝමීටර් 144 ක් නැගෙනහිරින් කිලෝමීටර් 20 ක් ගැඹුරින් සිදු වූ බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, ඉරිදා පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයට මිනිත්තු 32 ක කාලයක් තුළ මෙම භූමිකම්පා තුනම ඇති වී තිබුණා.

විශාල භූමිකම්පාවට මිනිත්තු 30 කට පමණ පෙර 6.7 සහ 5.0 ක විශාලත්වයකින් යුත් අනෙකුත් කම්පන දෙකක් ඇති වූ බව භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා තිබෙනවා.

පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි යනු ජනගහනය 163,152 කට වඩා වැඩි පැසිෆික් සාගරයට මුහුණලා ඇති කම්චැට්කා කලාපයේ පිහිටා ඇති නගරයකි.

කම්චැට්කා අර්ධද්වීපය ප්‍රබල භූ කම්පන කලාපයක් වන අතර එය පැසිෆික් සහ උතුරු ඇමරිකානු භූ තැටි හමුවන ස්ථානය ලෙසයි සැලකෙන්නේ.

Latest News

More like this

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...