නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි.. කතෝලික සභාව දැඩි මතයක

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයකින් පසුව, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් කතෝලික සභාව ඔවුන්ගේ මතය ප්‍රකාශ කර තිබෙනවා.

කතෝලික සභාව විසින් කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කර ඇත්තේ එම දඬුවම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

ඔහු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹිය යුතු බවයි කතෝලික සභාව වෙනුවෙන් පියතුමන් පෙන්වා දෙන්නේ.

එහිදී ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම ද නොව මරණ දඬුවම ලබා දිය යුතු බව ඔවුන් පවසා තිබෙනවා.

‘බෝම්බ ප්‍රහාරයක් සිදු වේ යයි දැනුවත් කර තිබියදී ජනාධිපති සිරිසේන මහත්මයා ආරක්ෂක ඇමති කෙනෙක්වත් පත් කරන්නේ නැතුව සිංගප්පුරුට ගිහිල්ලා ප්‍රහාරය සිද්ධ වෙලා දවසක් විතර ගියාට පස්සේ තමයි ලංකාවට එන්නේ. ප්‍රබල හස්තයකිනන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව පාලනය කෙරුවා.

මේ ප්‍රහාරය මේ ආකාරයෙන් සිද්ධ වෙන්නට වටපිටාව සකසන්නට කියලා කවුරුහරි ඔහුට තෝරා ගත්තා කියනවා දේ ගැන අපිට ලොකු සැකයක් ඇතැයි පියතුමන් කියා සිටියා.

ඒ කියන්නේ සහරාන්ගේ උවමනාවට විතරක් නෙමෙයි. ඊට එහා ගිය මහා බලවන්තයෙකුගේ උවමනාවකට මෛත්‍රීපා සිරිසේන මහත්මයා සිංගප්පුරුවට යවලා මේ වගේ ඛේදවාචකයක් අපේ රටේ ඇතිවෙන්නට ඉඩකඩ සලස්වා දුන්නාද කියන සැකය අපිට මතුවෙනවා.

ඒ වගේම අවුරුදු හතක් තිස්ස ජනාධිපතිවරුන් තුන් දෙනෙක් යටතේ මේ වගේ දූෂිත නිලධාරියකු ඔහුගේ තනතුරේ තියාගැනීම පිළිබඳවද සැක මතුවන බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

“ජනාධිපති ඉවරුන් තුන්දෙනාටම තිබුණා මේ දූෂිත නිලධාරියා ලවා සඟවන්නට රහසක්. එහෙමනම් ඒ රහස මොකක්ද කියලා දැන් හොයන්න ඕනේ.”

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරු තිදෙනාම අධිකරණයට ගෙන්වා සියලු තොරතුරු අනාවරණය කරගත යුතු බව පියතුමන් කියා සිටියා.

නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට තීරණය කරනු ලැබුවේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (18) රැස්වූ පොලිස් කොමිසම විසිනි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!