ඩඩ්ලිගේ හෝටලය අයින් කරනවද කියලා බලාගෙන ඉමු.. චරිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරණ වකවානුවේ සංස්කෘතික අරමුදලේ සිදුව ඇති වංචා පිළිබඳ චෝදනා එල්ල වද්දී එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමට එම අරමුදලෙන් ආධාර ලබාගත් කිසිම ආගමක, කිසිදු ආගමික නායකයකු ඉදිරිපත් නොවු බව සමගි ජන බලවේගය නියෝජනය කරන චරිත් අබේසිංහ මහතා පවසනවා.

එම අරමුදලෙන් පන්සල් සාදාගත් නායක ස්වාමීන් වහන්සේලා කිසිවකු සජිත් ප්‍රේමදාස මහතාගේ නිර්දෝශීභාවය වෙනුවෙන් පෙනී සිටීම සිදු නොකළ බවයි ඔහු සඳහන් කරන්නේ.

එම චෝදනාව මුස්ලිම් සහ කතෝලික ආගමික නායකයින් වෙත ද එල්ල කරමින් ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු ප්‍රහාරයට ලක් වූ පල්ලි ප්‍රතිසංස්කරණය සඳහාත් ගල් මුල් ප්‍රහාර එල්ල වූ මුස්ලිම් පල්ලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් මුදල් ලබා දුන්නේ එම අරමුදලෙන් බවයි.

“අප්‍රේල් ප්‍රහාරය වෙලා ජුනි මාසය වෙනකොට සෙන්ට් ඇන්තනි පල්ලියේ උත්සවයට කලින් ඔබ අද චෝදනා කරන සංස්කෘතික අරමුදලෙන්ම සජිත් ප්‍රේමදාස කාදිනල්තුමන්ට පොරොන්දු වුණ විදියටම පල්ලි ටික හදලා දුන්නා. එතකොට කාදිනල් තුමන්වත් ඔය හිටපු පාදස් ලවත් ඇහුවේ නෑ නේද බල මණ්ඩල කැඳෙව්වද කියලා”

නමුත් ඒ කිසිවකු අද චෝදනා එල්ලවන විට නිවැරදි කිරීමට ඉදිරිපත් වී නැතැයි ඔහු පැවසුවේ සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදීය.

එහිදී අනුරාධපුරයේ වැව් රක්ෂිතවල ගොඩනඟා ඇති හෝටල් ඉවත් කරන බවට කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශය් පිළිබඳව මාධ්‍යකළ විමසීම්වලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ එය සිදු කළ හැකි නම් ඉතා හොඳ දෙයක් බවයි.

“මම හරිම සතුටුයි ඔය දේ ඔය විදියටම සිද්ධ වෙනවනම්. අනිත් දේ ලාල්කාන්ත මහත්තයා අනෙක් සියලු දෙනාට සාපේක්ෂව හොඳයි. වැරැද්දක්වෙනව නම් ඒක වැරැද්දක් කියල පිළිගන්නවා. කරනවද කියල බලාගෙන ඉමු. මේසෙට ගහල හාල් මිල වැඩි කරන එකනේ කරේ. ඒ නිසා බලාගෙන ඉමු”

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...