බංගලාදේශයේ ජෙට් යානය පාසලට කඩාවැටීමෙන් මිය ගිය ගණන ඉහළට… බහුතරය පන්ති කාමරයෙන් එළියට දැමූ දරුවන්

බංග්ලාදේශ ප්‍රහාරක ජෙට් යානයක් ඩකා අගනුවර පාසලකට කඩා වැටීමෙන් මිය ගිය සංක්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් බහුතරය පාසලේ දරුවන් බව බලධාරීන් පවසා තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත F-7 BJI ගුවන් යානය සඳුදා මයිල්ස්ටෝන් විද්‍යාලයට කඩා වැටුණ අතර මිය ගිය දරුවන්ගෙන් වැඩි පිරිස පන්ති කාමරවලින් පිටතට දමා තිබුණු දරුවන් බවයි සඳහන් වන්නේ.

බංගලාදේශයේ දශක ගණනාවකට පසු සිදු වූ මාරාන්තික ගුවන් අනතුරක් ලෙස සැලකෙන මෙම අනතුරෙන් 170කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මුහම්මද් යූනුස්ගේ අන්තර්වාර රජය අඟහරුවාදා ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් යූනුස් X හි සටහනක් මගින් දැඩි කණස්සල්ල පළ කරනු ලැබුවා.

“ගුවන් හමුදාව, සිසුන්, දෙමාපියන්, ගුරුවරුන් සහ මයිල්ස්ටන් විද්‍යාලයේ කාර්ය මණ්ඩලය මෙන්ම මෙම අනතුරෙන් පීඩාවට පත් වූ අනෙකුත් අය අත්විඳින ලද පාඩුව පියවා ගත නොහැකි ය”

මෙය ජාතියට ගැඹුරු වේදනාවක් ගෙන දෙන මොහොතක් බව ද එම සටහනෙහි වැඩි දුරටත් සඳහන්.

බංගලාදේශ බලධාරීන් ගුවන් අනතුර පිළිබඳ අදහස් දක්වමින් අනතුරට ලක්වූ ගුවන් හමුදා F-7 BGI පුහුණු ගුවන් යානයේ නියමුවා වන ෆ්ලයිට් ලුතිනන් ටොව්කීර් ඉස්ලාම් සාගර්, ජනාකීර්ණ ප්‍රදේශයකින් එය ඉවතට ගෙන ගොස් එය බේරා ගැනීමට හැකි සෑම උත්සහයක්ම ගෙන ඇති බව පවසා තිබෙනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...