ඩඩ්ලිගේ හෝටලය අයින් කරනවද කියලා බලාගෙන ඉමු.. චරිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරණ වකවානුවේ සංස්කෘතික අරමුදලේ සිදුව ඇති වංචා පිළිබඳ චෝදනා එල්ල වද්දී එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමට එම අරමුදලෙන් ආධාර ලබාගත් කිසිම ආගමක, කිසිදු ආගමික නායකයකු ඉදිරිපත් නොවු බව සමගි ජන බලවේගය නියෝජනය කරන චරිත් අබේසිංහ මහතා පවසනවා.

එම අරමුදලෙන් පන්සල් සාදාගත් නායක ස්වාමීන් වහන්සේලා කිසිවකු සජිත් ප්‍රේමදාස මහතාගේ නිර්දෝශීභාවය වෙනුවෙන් පෙනී සිටීම සිදු නොකළ බවයි ඔහු සඳහන් කරන්නේ.

එම චෝදනාව මුස්ලිම් සහ කතෝලික ආගමික නායකයින් වෙත ද එල්ල කරමින් ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු ප්‍රහාරයට ලක් වූ පල්ලි ප්‍රතිසංස්කරණය සඳහාත් ගල් මුල් ප්‍රහාර එල්ල වූ මුස්ලිම් පල්ලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් මුදල් ලබා දුන්නේ එම අරමුදලෙන් බවයි.

“අප්‍රේල් ප්‍රහාරය වෙලා ජුනි මාසය වෙනකොට සෙන්ට් ඇන්තනි පල්ලියේ උත්සවයට කලින් ඔබ අද චෝදනා කරන සංස්කෘතික අරමුදලෙන්ම සජිත් ප්‍රේමදාස කාදිනල්තුමන්ට පොරොන්දු වුණ විදියටම පල්ලි ටික හදලා දුන්නා. එතකොට කාදිනල් තුමන්වත් ඔය හිටපු පාදස් ලවත් ඇහුවේ නෑ නේද බල මණ්ඩල කැඳෙව්වද කියලා”

නමුත් ඒ කිසිවකු අද චෝදනා එල්ලවන විට නිවැරදි කිරීමට ඉදිරිපත් වී නැතැයි ඔහු පැවසුවේ සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදීය.

එහිදී අනුරාධපුරයේ වැව් රක්ෂිතවල ගොඩනඟා ඇති හෝටල් ඉවත් කරන බවට කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශය් පිළිබඳව මාධ්‍යකළ විමසීම්වලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ එය සිදු කළ හැකි නම් ඉතා හොඳ දෙයක් බවයි.

“මම හරිම සතුටුයි ඔය දේ ඔය විදියටම සිද්ධ වෙනවනම්. අනිත් දේ ලාල්කාන්ත මහත්තයා අනෙක් සියලු දෙනාට සාපේක්ෂව හොඳයි. වැරැද්දක්වෙනව නම් ඒක වැරැද්දක් කියල පිළිගන්නවා. කරනවද කියල බලාගෙන ඉමු. මේසෙට ගහල හාල් මිල වැඩි කරන එකනේ කරේ. ඒ නිසා බලාගෙන ඉමු”

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...