නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය පවසනවා.
මේ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාඩමක කාලය විනාඩි 45 දක්වා දීර්ඝ කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ. රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඇය සඳහන් කළේ විෂයන් ගැඹුරින් අධ්‍යයනය කිරීමට හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීමට එමඟින් ඉඩ සැලසෙනු ඇති බවයි.
“මෙය පාඩම හෝ මොඩියුලය කඩිමුඩියේ උගන්වා අවසන් නොකිරීම සහතික කිරීම වෙනුවෙන් ගත් පියවරක්. කණ්ඩායම් පර්යේෂණ සහ ඉදිරිපත් කිරීම් වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක් අපි ඇතුළත් කර තිබෙනවා. ගුරුවරයාට සිසුන්ට ඉගැන්වීමට ප්‍රමාණවත් කාලයක් තිබිය යුතුයි, සිසුන්ට මෙම ක්‍රියාකාරකම්වලට සහභාගී වීමටත් කාලය අවශ්‍යයි” යනුවෙන් ඇය පැහැදිලි කර තිබෙනවා.
වැඩසටහන අතරතුර අගමැති හරිනි පෙන්වා දෙන ආකාරයට මුලින් පාසල් කාල සීමාව පෙ.ව. 08.00 සිට ප.ව. 04.00 දක්වා ක්‍රියාත්මක කිරීමට කිරීමටයි යෝජනා වී ඇත්තේ. එසේ නොකර පාසල් වේලාවන් පැය භාගයකින් පමණක් දීර්ඝ කිරීමට තීරණය කළ බව ඇය කියා සිටියා.
ප්‍රවාහනය වැනි අනෙකුත් සැපයුම් ගැටළු සැළකිල්ලට ගැනීමෙන් පසුව මෙම තීරණය ගත් බව ඇය වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා. තවද ඉතිහාසය සහ සෞන්දර්යය විෂයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට කිසිසේත් කටයුතු නොකරනු ඇති බවට ඇය එම වැඩසටහන අතරතුර සහතික වී තිබෙනවා.