ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට රජය සූදානම් වේ.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමින් පවසනු ලැබූ ආකාරයට ඒ අනුව රජයේ, පෞද්ගලික පාසලක හෝ ටියුෂන් යන ඕනෑම ක්ෂේත්‍රයකින් ගුරු වෘත්තියට පිවිසීමට නම් අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය කිරීමට නියමිතය.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කරනු ලැබුවේ එය යම් ආකාරයකින් වෛද්‍යවරයකු වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම හා සමාන බවයි.

ජ්‍යාත්‍යන්තර මට්ටමේ ගුරු වෘත්තිකයන් බිහි කර ගැනීමට එවැනි නියාමනයක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ලංකාවේ ගුරු වෘත්තිය තෝරා ගන්නේ රාජ්‍ය සේවයේ සුදු කරපටි රැකියාවක් නොමැති නම් හෝ වෙනත් රැකියාවක් නොමැති නම් තෝරා ගන්නා ක්ෂේත්‍රය ලෙසයි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

නවනීති අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉහළම සුදුසුකම් සහිත වෘත්තිකයන් තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...