චිත්‍රපට තිර, රොබෝ වේටර්වරු සහිත ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා අවන්හල විවෘත වේ

ප්‍රකෝටිපති බිලියනයකු වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම විසින් එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි නව අවන්හලක් විවෘත කර තිබෙනවා. නවීන තාක්ෂණය මුසු කර ඇති ‘Tesla Diner’ අවන්හල පිහිටා ඇත්තේ සැන්ටා මොනිකා බොලිවාර්ඩ් හිය.

එහි සම්භාව්‍ය සුවපහසු ආහාර සපයන අතර ආහාර සයිබර්ට්‍රක් විලාසිතාවේ පෙට්ටිවල බෙදා හරින බව සඳහන් වෙනවා.

ටෙස්ලා සයිබර්ට්‍රක් යනු ටෙස්ලා සමාගම විසින් සාදන ලද සියලුම විදුලි, බැටරි බලයෙන් ක්‍රියාත්මක වන පිකප් ට්‍රක් රථයකි.

ටෙස්ලා රථයකින් පැමිණෙන අමුත්තන්ට ඔවුන්ගේ මෝටර් රථ තිරවලින් සෘජුවම ආහාර ඇණවුම් කළ හැකිය. සිය මෝටර් රථය තුළ සිටම නැරඹිය හැකි දැවැන්ත චිත්‍රපට අවහන්හලට ඇතුළත්ය. අඩි 45 ක චිත්‍රපට තිර ශබ්දය ටෙස්ලා මෝටර් රථය තුළ ඇති ශබ්ද පද්ධතිට මුසු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඇතුළත මානවරූපී රොබෝවරු ආහාර බෙදාහරින බව වාර්තා වෙනවා. භෝජන සංග්‍රහයට සුපර්චාජර් පහසුකම් ඇතුළත් වන අතර එය තාක්ෂණික ලෝලීන් සඳහා පාරාදීසයක් ලෙස විස්තර කළ හැකිය.

මස්ක් මෙම අවහන්හල සැලසුම් කරනු ලැබුවේ 2018 වර්ෂයේදී වන අතර වාර්තාවලට අනුව, ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2023 අගභාගයේදී ආරම්භ වී තිබෙනවා.

Latest News

More like this

නිවස තුළ පීඩනය දරාගත නොහැකිව හඬා වැටුණ තනුශ්‍රී

2018 වසරේ දී බොලිවුඩයේ #MeToo ව්‍යාපාරය නැගී ආ සමයේ...

පිරිමි අඩුවීම හමුවේ දීග යන වයසේ දුප්පත් කෙල්ලෝ අර්බුදයකට

මෙරට පිරිමි ජනගහණය අඩුවීම හමුවේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයට යනු...

සැඟවී ගිය එකගෙයි කෑමේ චාරිත්‍රයට පණ දුන් අයිය මළෝ දෙන්නා…

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි කුඩා කොටසක පැවති 'හට්ටි' බහුපුරුෂ විවාහ...

අනියම් ප්‍රේමය සජීවී කැමරාවකින් පෙන්වීම නිසා අමෙරිකාවේ Astronomer ලොක්කාට සිදු වූ විපත

අමෙරිකාවේ මැසචුසෙට්ස් හි ගිලට් ක්‍රීඩාංගනයේ පැවති Coldplay ප්‍රසංගයක් අතතුර...
error: Content is protected !!