ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් පසුගිය යහපාලන රජය සමයේ දී නොවටිනා තක්සේරුවකට කුලියට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන්ද කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.
එහිදී හෙළිදරව්වු කරුණු අනුව මෙම කුලියට ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ එවකට අදාළ විෂය භාරව සිටි අමාත්‍ය දුමින්ද දිසානායක සම්බන්ධයෙන්ද පරීක්ෂණ දියත් කොට තිබේ.
ඒ අනුව මෙම තැනැත්තන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇති බවද නිලනොවන ආරංචි මාර්ග තහවුරු කරයි.
එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි නොවැම්බර් 21 විපක්ෂයේ රැලියට ආසන්න දිනක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමට නියමිතය.
