හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් සහ ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරින් පිරිසක් පසුගියදා ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

එහෙත් හිටපු අමාත්‍යවරයා ඒ අවස්ථාවේ නිවසේ නොසිටි බැවින් ආරක්ෂක අංශ ආපසු හැරී ගොස් තිබේ.

අනතුරුව අද දින උදෑසන ඔහුට අල්ලස්හෝ දූෂණ කොමිසමට පැමිණෙන ලෙස නියම කර ඇත.

අප වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව එහිදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවේ.

ඔහු අමාත්‍ය ධුරය දරන ලද අමාත්‍යාංශයේ රක්ෂණයක් පිරිනැමීමට අදාළ දූෂණයක් සම්බන්ධව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් ආරම්භකර ඇත.

Latest News

More like this

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...