iPhone Pocket : ඇපල් සමාගමින් නවතම හඳුන්වාදීමක්

ඇපල් සමාගම ‘රෙදි කැබැල්ලකින්’ ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ.

ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන ‘ඉසි මියාකි’ සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද මෙම විශේෂ සංස්කරණය මෙම සතියේ නිකුත් කිරීමට ඇපල් සමාගම සැලසුම් කර ඇත.

මෙම ඉසී මියාකි නිර්මාණය අන්තර්ජාලය හරහා සහ ලොව පුරා තෝරාගත් වෙළඳසැල් වලින් නිකුත් කරන සීමිත සංස්කරණ උපාංගයකි.

2025 නොවැම්බර් 14 වන සිකුරාදා සිට, එය තෝරාගත් Apple Store ස්ථානවල සහ ප්‍රංශය, මහා චීනය, ඉතාලිය, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල apple.com හි ලබා ගත හැකි බව සඳහන්.

“iPhone Pocket ඔබේම ආකාරයෙන් iPhone පැළඳීමේ ප්‍රීතිය” යන සංකල්පය මත නිර්මාණය කර ඇති අතර මේස් එකකට සමාන මෙය විවිධ වර්ණවලින් සහ ප්‍රමාණ දෙකකින් පැමිණේ.

iPhone Pocket නිර්මාණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වන්නේ Apple iPhone නිෂ්පාදනයන්හි සෞන්දර්යාත්මක බව සහ භාවිතයේ බහුකාර්ය ලෙස නිර්මාණය කර ඇති බවට සමාජ ගත කිරීමයි.

Latest News

More like this

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Rumble ජර්මනියේ AI cloud සමාගමක් මිලදී ගන්න යයි

අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලයක් වුණු Rumble විශාල ආයෝජනයක් සිදුකිරීමට...

කෙන්යාවේ රෝබෝ වේටර්ලා මිනිස් ශ්‍රමිකයන්ට අභියෝග කරයි

කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රථම වතාවට රොබෝ වේටර්වරුන් විසින් සේවා...

ඊලොන් මස්ක් iPhone සහ අනෙකුත් Apple උපාංග තහනම් කරයි

X, Tesla සහ SpaceX යන සමාගම් ජාලයේ හිමිකරු වන...

සඳ මත ජනාවාස ඉදිකිරීම ඇතුළු අභ්‍යවකාශ ගවේෂණයට ශ්‍රි ලාංකික දැවැන්තයෙක් චීනය සමඟ එක්වේ

ශ්‍රී ලංකාවට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වාදුන් සුප්‍රිම් ග්ලෝබල් සමාගම...