NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට අවස්ථාව.

විරැකියාවෙන් පෙළෙන වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට ජීවිතය ජය ගැනීමට නොමිලේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක් ( NVQ3 මට්ටමේ) ළගදීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පිරිපුන් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ කියයි.

ඒ සඳහා වන පාඨමාලාව ලබන ජනවාරි මස ආරම්භ කෙරෙන අතර එයට කැමැති තරුණ තරුණියන්ගේ තොරතුරු ලබා ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

කුඩා හෝ මධ්‍යම හෝ මහ පරිමාණ ව්‍යාපාරිකයින්ට හෝ සුලුවෙන් හෝ නිවසක අදාළ කටයුත්තක් කරගැනීමට අවශ්‍ය කරන තාක්ෂණික ශිල්පීන්ගේ අතිශයින් හිඟයක් පවතී.

මෙයට පිළියම් ලෙස නව පාඨමාලාව ආරම්භ කිරීමට තම සංවිධානය, වෙන්ඩෝල් ලංකා පුද්ගලික සමාගම සමග ඒකාබද්ධව නව වැඩසටහන සංවිධානය කළ බව ආනන්ද දේවසිංහ කීය.

සියලු තරුණ තරුණයින් අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ත්‍රිවීල් රථයක් හා ස්මාට් ජංගම දුරකථනයක් ලබාගෙන ඉතා ඉක්මනින් සල්ලි හොයන ක්‍රම වෙත යොමුවී ඇති අතර ඒවා නීතිවිරොධි කටයුතු දක්වා වර්ධනය වන අතර එසේ නොමැති තරුණ පිරිස් මතට හුරුවී ඇත.

මාතලේදී ජනවාරි සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති මෙම වැඩසටහන, ආහාර පාන, නවාතැන් සමග සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වේ.

මාස 6ක පුහුණුවකින් පසු ඉතාමත් නවීන ක්‍රම හා පිරිපුන් ආකල්ප වලින් සපිරි ලෝකයේ ඕනෑම තැනක ජයගත හැකි SMART WELDER කෙනෙක් නිර්මාණය කිරීමට මෙම වැඩසටහන තුළින් සැළසුම් කර ඇත.

(ජේ.මුණසිංහ)

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...