කුරුන්දි විහාරයේ පොංගල් උත්සවයක්.. !

මුලතිව් කුරුන්දි විහාර භූමියේ කෝවිලක් ඉදි කිරීමේ සැලසුමක් ඇති බව පවසමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබේ.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.

අධ්‍යක්ෂ,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ.
මහත්මයාණෙනි,

ජුලි 14 වනදා කුරුන්දි පුදබිමෙහි අනවසරයෙන් පොංගල් උත්සවයක් පවත්වා කැණීම් කරන ලද ප්‍රතිමා ගෘහය මැද ත්‍රිශූලයක් සවිකොට අනවසර කෝවිලක් ඉදි කිරීමට උත්සාහ දරන අනීතික ක්‍රියාව සම්බන්ධවයි…

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (ජා. හැ. 930401366v ) මා මෙසේ පැමිණිලි කර සිටිමි.

ඓතිහාසික කුරුන්දි මහා විහාරය මේ වන විට කාගෙත් කතාබහට ලක්වූ ඓතිහාසික පුණ්‍ය භූමියකි. නාග චෝල රක්ෂිතයේ කොටසක් ශෂී කුමාර් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයාගේ මැදිහත් වීමෙන් දමිළ ජාතිවාදී දේශපාලනඥයින්ගේ ආශිර්වාදය මැද එළිපෙහෙළි කර පුරාවිද්‍යා වටිනාකමින් යුක්ත වස්තු ද විනාශ කළ බව කාටත් නොරහසකි.

කුරුන්දි විහාරය ආශ්‍රිත ප්‍රශ්නය මේ වන විට අධිකරණ ක්‍රියාවලියක් තුළ විභාග වෙමින් පවතී. මෙවන් පසුබිමක මෙම මස එනම් ජුලි මස 14 වැනිදා මුලතිව් දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී රවිකරන් හා මයුර නම් පුද්ගලයාගේ ද සංවිධාන ශක්තියෙන් හා වෙල්ලස්සාමි නම් පුද්ගලයාගේ මැදිහත් වීමෙන් කුරුක්කල්වරුන් ගෙන්වා මඩකලපුව ආදී ප්‍රදේශවල ද්‍රවිඩ අන්තවාදී දේශපාලනඥ කණ්ඩායම් සමඟ එකතු වී මෙම කුරුන්දි පුදබිමෙහි පොංගල් උත්සවයක් පැවැත්වීමට සූදානමක් පවතී.

මෙම පුදබිමෙහි මේ වන විට කිසිදු හින්දු ආගමික සංකේතයක් මුණ ගැසී නැත. එමෙන්ම මෙම පුදබිම පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති අතර රජමහා විහාරයක් ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අතර මොවුන් මෙම පොංගල් උත්සවය ඓතිහාසික කුරුන්දි රජමහ විහාර පරිශ්‍රයේ කැණීම් කරන ලද ප්‍රතිමාගෘහය පවත්වා එම පොංගල් උත්සවය අතරතුර ත්‍රිශූලයක් සවිකොට අනවසර කෝවිලක් සකස් කිරීමට මූලික අඩිතාලම දැමීමේ සැලසුමක් ඇති බව මේ වන විට අපට දැනගන්නට ලැබුණි.

දැනටමත් එම සවිකිරීමට නියමිත ත්‍රිශූලය මයුරන් නම් පුද්ගලයෙකුගේ නිවසේ තිබෙන බවටද විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබිණි. මොවුන් උත්සාහ දරන්නේ මෙම බෞද්ධ සිද්ධස්ථානය අනීතිකව හින්දු කෝවිලක් බවට පරිවර්තනය කරමින් ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමටයි. මෙම පොංගල් උත්සවය මුවාවෙන් සිදුකරන අනීතික ක්‍රියාව මෙම පුජා භූමියට පැමිණීමට පෙර වළකවා ගත යුතු බව අපගේ අදහසයි.

නොඑසේ නම් පුජා භූමියට පැමිණ ගැටුමක් ඇති කර දැනට උසාවිය තුළ සිදුකරගෙන යන නඩු කටයුත්ත කල් දමා විහාර ආදී පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත වස්තු විනාශ කර දැමීම මොවුන්ගේ උපාය විය හැකිය. කෙසේ නමුත් මෙම පොංගල් උත්සවය මෙම විහාර භූමිය පරිශ්‍රයේ සිදුකරන්නේ නම් විහාරාධිපතිව වැඩ වාසය කරන හිමියන්ගේ අවසරයක් හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ගත යුතුයි.

ඒ කිසිම අනුමැතියක් නොමැතිව කිසිදු දැනුවත් කිරීමකින් තොරව මෙම කටයුත්ත කිරීමට සැලසුම් කර ඇත. 2023/07/10 වන දින මේ සම්බන්ධව විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි හිමියන් විසින් මුලතිව් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් යොමු අංක – CIB (11) 73/63 දරන ගොනුවට යොමුකර ඇති අතර එම පැමිණිලි ලදුපතෙහි පිටපතක් මේ සමඟ යොමු කරමි.

මේ සම්බන්ධව ඉතා කඩිනමින් තොරතුරු සොයා බලා ජුලි 14 වන දින පැවැත්වීමට නියමිතව ඇති පොංගල් උත්සවය සඳහා පිරිස් විහාර භූමියට පැමිණීමට පෙර අධිකරණයට කරුණු වාර්තා කොට වාරණ නියෝගයක් ලබා ගෙන ඔවුන් විහාර භූමියට පැමිණීමට පෙර විසුරුවා හරින ලෙසත්,
මෙකී ක්‍රියාව පිටපස සිටින ජාතිවාදය අවුලන පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන සියලු රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් පුද්ගලයින්හට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන මෙන් සිහිපත් කර සිටිමි.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි,
සභාපති,
Beyond the Struggle ජාතික ව්‍යාපාරය.
2023/07/12

Latest News

More like this

අපි නැවක් හැදුවා.. ලැබෙන මුල්ම අවස්ථාවේ හැප්පිලා ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා… නාමල්

විපක්ෂයේ පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කරමින් තමන් නැවක් නිර්මාණය...

බැසිල්ගේ පැත්තක් හිරි වැටිලා…

ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නුසුදුසු...

ජනපති අනුර මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමේ සටනට බහී

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට...

ඇවිළෙන්න ගිය ජාතිවාදී ගින්න නිවා දැමූ ජනපතිගේ ප්‍රකාශය

රට තුළ නැවත කිසිවිටක ජාතිවාදයට හිස එසවීමට තමන් ඉඩ...