වැරැදි සිරින්ජරයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පේරාදෙණියේ තරුණිය…

උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 11 වැන දා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි චමෝදි සන්දිපනී මධුසිකා ජයරත්න, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ලබා දුන් එන්නතකින් පසු මියගිය අතර එම තරුණියගේ දේහය ඊයේ (12) රාත්‍රියේ ඇයගේ නිවසට රැගෙන එනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා අද(13) විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතයි.

ඇගේ ඥාතීන් චෝදනා කළේ එන්නත ලබාදීමෙන් පසු ඇය මිය ගිය බවටයි.

සමස්ත ලංකා හෙද සංගමය අද(13) මාධ්‍ය හමුවක් පවත්වමින් මියගිය චමෝදිට ලබාදුන් එන්නත පිළිබඳව කරුණු පැහැදිළි කළේය.

එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත

“මේකෙ සඳහන් කරලා තියනව මිලි ලීටර් 10ක මේ ඖෂධය දිය කරලා තමා රෝගියට දෙන්න ඕනෙ කියලා. මේ මොහොතේ රටේ රෝහල් පද්ධතිය තුළ ඊට අවශ්‍ය මිලි ලීටර් 10 සිරින්ජර් නෑ. නමුත් මේ හෙද නිලධාරිනිය අදාළ ඖෂධය 5cc සිරින්ජර් දෙකක දියකරලා තමා මේ ඖෂධය ලබා දීලා තියෙන්නේ. ඒකෙං ඇති වුණු සංකූලතාවක් නිසා මේ මරණය වුණා කියන එක තමා අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ..”

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...