ඉන්දියාවේ සිට කොළඹට ඉන්ධන නල මාර්ගයක්

ඉන්දියාවේ නාගපට්ටිනම් වරායේ සිට ත්‍රිකුණාමලය වරාය හරහා කොළඹ දක්වා ඇදෙන ඉන්ධන බෙදාහැරීමේ නල මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ඔයිල් සමාගම (IOC) යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (12) එම සමාගමේ ප්‍රධානීන් සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සිදු වූ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා වැඩිදුරටත් යෝජනා කර ඇත්තේ ත්‍රිකුණාමලය ටැංකි පද්ධතිය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, අනාගත පිරිපහදුවක් ලෙස සංවර්ධනය කිරීම, බොරතෙල් සහ ගෑස් ගවේෂණය යනාදී ලෙස රජය ගෙන යන වැඩපිළිවෙල වෙත අවධානය යොමු කරමින් මෙම නල මාර්ගය ද්විත්ව මාර්ග ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනය කරන නල මාර්ගයක් ලෙස ඉදිකිරීම සම්බන්දයෙන් කටයුතු කරන ලෙස ද පවසා තිබේ.

මේ මගින් කලාපීය ඉන්ධන සහ ගෑස් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගැනීම මෙන්ම දෙරටේම බලශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීමටත් අවස්ථාව ද සැලසෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙම නල මාර්ගය පිළිබඳ යෝජනාව සම්මත කිරීමට පෙරාතුව එම ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්තා, ක්ෂණික අවශ්‍යතාවන් පිළිබඳ හැදෑරීමක් ඇතුළු කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පවසයි.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...