දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ නිවසේ අද (14) රාත්‍රී සුපිරි සාදයක් සංවිධානය කර ඇතැයි වාර්තාවේ.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇතැයි ද පැවසේ.

2026 අයවැය දෙවැනිවර කියැවිමේ ඡන්ද විමසීම අද (14) පස්වරු 6.00ට පැවැත්වෙන අතර ඉන් අනතුරුව තම නිවසට පැමිණෙන ලෙස මන්ත්‍රීවරයා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇත.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද පස්වරු 6 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවය.

Latest News

error: Content is protected !!