පුෂ්පිකාගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19

මීට වසර තුනකට පෙරදී (2021) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ පවරා ඇති නඩුව ජනවාරි 19 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම දින නියම කළේය..

එදිනට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි කැඳවීමට නියමිත බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළ එක් විත්තිකරුවෙකු විසින් ඊයේ (14) අධිකරණයේදී සාක්ෂි ලබා දීම සිදු කළේය.

සිද්ධියට අදාළ වැඩිදුරටත් සාක්ෂි විභාගය මීළඟ නඩු දිනයේදී සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...