ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක් ගෙන ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

2025 වසරේ මේ දක්වා පමණක් ළමයින් සම්බන්ධයෙන් වන ලිංගික අපයෝජන පැමිණිලි 500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කළේය.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තවලට අනුව 2020 වසරේ සිට 2024 දක්වා කාලය තුළ ළමා ලිංගික අපයෝජන සිදුවීම් 3000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළදී ළමයි 627 දෙනකු ලිංගික හිංසනවලට ලක්ව තිබේ.

2024 වසරේදී ළමා ගැබ් ගැනීම් 213 ක් වාර්තා වී ඇති බවත්, එලෙස ගැබ් ගැනීමට ලක් වූ ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10 ක දැරියක්ද සිටින බව පොලිස් ළමා සහ කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

වාර්තා නොවූ ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීමේ සිද්ධීන් රැසක් තිබිය හැකි බවද පොලිසිය පවසයි.

(aruna – ඉෂාර රත්නකාර)

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...